නව වසරේ රාජකාරි අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් හා කාර්ය මණ්ඩලය හමුවුණා.
අභියෝග නිවැරදිව අවබෝධකර ගනිමින් අපේක්ෂා සාක්ෂාත්කර ගැනීමට සුබවාදී ආකල්පයෙන් අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළා.
උදා වූ නව වසරට මැතිඇමතිවරුන්ට හා කාර්ය මණ්ඩලයට සුබපැතුම් එක්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වුණා.
නව වසරේ ආරම්භය සනිටුහන් කරමින් ජනාධිපති කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය මත පදනම්ව කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව කැපවිය යුතු බව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව කැපවිය යුතුයි – ජනපති appeared first on ITN News.
Post a Comment