ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 76 දෙනෙකු මෙහිදී උපාධි ලැබීමට සුදුසුකම් ලබා තිබුණි.
අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුකෙරුණි.
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රීය) එම්.ටී.ආර්.ශාමිනී අත්තනායක ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
The post ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment