මහා බ්‍රිතාන්‍යයේ පළමු වරට ඇස්ට්‍රාසෙනකා කොරෝනා එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා.
අසූ දෙහැවිරිදි පුද්ගලයෙකුට මුල්ම කොරෝනා එන්නත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කළ ආයතනයට ආසන්නයේම රෝහලක රෝගියෙකු එම එන්නත මුල්වරට ලබා ගත්තා. ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කිරීම සදහා මූලික වූ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෘෘ පොලාඩ් ද එන්නත ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව සදහන් කරන්නේ.
The post මහා බ්‍රිතාන්‍යය කොරෝනා එන්නත ලබා දීම අරඹයි appeared first on ITN News.
Post a Comment