ඔරුගොඩවත්ත, අඹතලේ ලෝලෙවල් මාර්ගයේ සංවර්ධන කටයුතු මන්දගාමීව සිදුවීම පිළිබද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විශේෂ අවධානය යොමුවුණා.
රජය විශාලවශයෙන් මුදල් වැය කරමින් සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කළ ද ඇතැම් ව්‍යාපෘතිවල කටයුතු සිදුවන්නේ මන්දගාමීවයි. ඔරුගොඩවත්ත අඹතලේ ලෝලෙවල් මාර්ගය සංවර්ධනය ද ඉබි ගමනින් සිදුවන බවට ජනතාව පැමිණිලි කළා. ඒ පිළිබද කඩිනම් අවධානය යොමුකළ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
The post සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති ජොන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.
Post a Comment