මෙම වසරේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එම කටයුතු සදහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා සඳහන් කරන්නේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
The post උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම් appeared first on ITN News.
Post a Comment