ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට යෝජිත දෝෂාභියෝගය ගෙන ඒමට ප්‍රථමයෙන්ම ඔහුව ජනාධිපතිධූරයෙන් ඉවත් කිරීමට කතානායක නැන්සි පෙලෝසි යෝජනාවක් ඉදිරිපත් කළා.
ඒ අනුව උප ජනාධිපති මයික් පෙන්ස් හට ජනාධිපති බලතල පවරා ගන්නා ලෙස ඉල්ලමින් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම් වනවා. ඉන් අනතුරුවයි ට්‍රම්ප්ට විරුද්ධව චෝදනා ගොනු කිරීම ආරම්භ වන්නේ. පසුගියදා ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සිදු කිරීමට ජනතාව පෙළඹවීම ට්‍රම්ප්ට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි. එම විරෝධතා උසිගැන්වීම සදහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ සියලු සමාජ මාධ්‍ය ජාල අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.
The post ට්‍රම්ප්ව ගෙදර යවන දෝෂාභියෝගයට කලින් නැන්සිගෙන් යෝජනාවක් appeared first on ITN News.
Post a Comment