ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ඇති වී තිබෙන දැඩි හිම පතනයෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මැඩ්රිඩ් නගරයේ මහාමාර්ගයේ බොහෝ ස්ථානවල වාහන සිර වී ඇති ආකාරය දැක ගැනීමට ලැබුණා. මැඩ්රිඩ් ගුවන්තොටුපොළද වසා දැමීමටයි. බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන්වල යෙදීමෙන් වළකින ලෙසට ජනතාවට දැනුම් දී තිබෙනවා. සිර වී සිටින රියදුරන් සඳහා ආහාර රැගෙන යාමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කටයුතු කළා. ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවටත් අඩු අගයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. උතුරු ස්පාඤ්ඤයේ ලියෝන් ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අංශක තිස්පහ දක්වා අඩු වී ඇති බවද වාර්තා වනවා.
The post ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ඇති වී තිබෙන දැඩි හිම පතනයත් සමඟ ගමනාගමනයට බාධා appeared first on ITN News.
Post a Comment