රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමට උත්සාහ කරන කඩාකප්පල්කාරීන්ට හසුනොවන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඉල්ලීමක් කරනවා. ජාති, ආගම් භේද නොමැතිව සියලු දෙනාට එක සේ සලකන නායකත්වයක් රටට ලැබී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 3ක් ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. බෝපේ පෝද්දල මුලන නැගෙනහිර, කඩවත්සතර, කටුගොඩ හා දඩල්ල යන ප්‍රදේශවලයි මෙම නිවාස විවෘත කෙරුණේ. මෙම වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා වසම් දාහතර දහස් විසි දෙකක ක්‍රියාත්මකයි.
The post රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීමට උත්සාහ කරන කඩාකප්පල්කාරීන්ට හසු වෙන්න ඒපා appeared first on ITN News.
Post a Comment