Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිරුණිකාට එරෙහි නඩුව 10 වනදා කැඳවීමට මහාධිකරණය නියම කරයි  

Add comments

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සදහා එය ලබන 10 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙදසලක සේවය කළ මෙම තරුණයා 2015 වසරේ දෙසැම්බර් 21 වනදා ඩිෆෙන්ඩර් වාහනවලින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 8 දෙනෙකුට ද මෙහිදී චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් 2017 වසරේදී වරද පිළිගැනීමෙන් අනතුරුව සිරදඩුවම් නියම කෙරුණා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වන විට නඩු විභාගයක් පැවැත්වෙනවා.

The post හිරුණිකාට එරෙහි නඩුව 10 වනදා කැඳවීමට මහාධිකරණය නියම කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG