කොරෝනා මර්දනය සදහා වන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා තවත් ලක්‍ෂ 5 ක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ආවා. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ සීරම් ආයතනයට මුදල් ගෙවා ඇණවුම් කර තිබූ එන්නත් තොගයයි.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් අද දහවල් 1.30 ට පමණ දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ විශේෂ ශීතකරණ පහසුකම් යටතේයි. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කළා.
මධ්‍යම බෙහෙත් ගබඩාවේදී ඖෂධ තොගය භාරගත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන,වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ඊයේ දිනය තුළ පමණක් එන්නත් 11696 ක් ලබා දී තිබෙනවා. ඒ අනුව ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හැත්තෑඅටදහස් හයසිය තුනක්. කොළඹ ප්‍රදේශ කිහිපයකදී අද දිනයේ ද එන්නත ලබා දීම සිදුකෙරුණා. ලබන මස මුලදී තවත් එන්නත් දෙලක්‍ෂ හැටහතර දහසක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලැබීමට නියමිතයි.
එන්නත් ලබා දීමේදී විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් සිදුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළා.
The post තවත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්‍ෂ 5 ක් දිවයිනට appeared first on ITN News.
Post a Comment