කොළොම්බියාවේ පැසිපික් මුහුදු තීරයේ දී බෝට්ටු දෙකක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය පිරිස අතර දරුවන් 07 දෙනෙකු ද සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. අනතුරට හේතුව පිළිබදව මේ වනවිටත් විමර්ශන සිදු කෙරෙන බව කොළොම්බියා බළධාරීන් සදහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 50 ට ආසන්න පිරිසක් බෝට්ටු දෙකෙහි සිටි බවයි සහන කණ්ඩායම් සදහන් කළේ. බේරාගත් පිරිස වහා රෝහල්වලට ඇතුළත් කිරීමට කටයුතු කෙරුණා. ගුවනින් මෙහෙයුම් සිදු කරමින් අතුරුදන් වූවන් සෙවීමට මේ වනවිට කටයුතු කෙරෙනවා.
The post පැසිපික් මුහුදු තීරයේ දී බෝට්ටු දෙකක් අනතුරට පත්වීමෙන් 12 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment