රුසියාවේ විපක්ෂ ක්රියාකාරක ඇලෙක්සි නවාල්නි සිරගත කිරීමට විරෝධය පල කරමින් දහස් ගණනක පිරිසක් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ පැවති උද්ඝෝෂණ සදහා සහභාගී වූ 5000 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. මොස්කව් නගරයේ අවන්හල්, ආපනශාලා, සාප්පු සංකීර්ණ මෙන්ම, දුම්රිය සේවා ද නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පසුගිය සතියේ පැවති උද්ඝෝෂණවලදී ද 4000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. විෂ ශරීර ගත වීම හේතුවෙන් මාස 05 ක පමණ කාලයක් ජර්මනියේ ප්රතිකාර ලැබූ ඔහු රුසියාවට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගැනුණා. පසුව ඔහුව සිරගත කෙරුණේ ඔහුට ලබාදී දී තිබූ අත්හිට වූ සිර දඩුවමට අදාළ කොන්දේසි කඩ කිරීම හේතුවෙනුයි.
The post ඇලෙක්සි නවාල්නි සිරගත කිරීමට විරෝධය පල කරමින් රුසියාවේ උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment