ඊයේ (23) දිනයේදී කොරෝනා ආසාදිතයින් හාරසිය අනූ දෙදෙනෙකු හදුනා ගැනුණා. ඒ අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 103 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පනස් තුන් දෙනෙකු ඊයේ දිනයේදී හදුනා ගැනුණා. අනෙක් ආසාදිතයින් 248 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වූ බවයි කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 81009 ක්. 4714 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 75842 ක්.
ඊයේ දිනයේදී කෝවිඩ් නයින්ටීන් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තුන්දෙනෙකු මියයාමත් සමග මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව හාරසිය පනස් තුනක් දක්වා ඉහළ ගියා.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් නවදහස් පන්සිය හැට දෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ පමණක් පී සී ආර් පරීක්ෂණ එකොළොස් දහස් දෙසිය විසි දෙකක් සිදුකර තිබෙනවා.
මේ අතර මඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මහ නගර සභාවේ සේවකයින් විසිදෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. එහි සේවකයින් අසූ නව දෙනෙකු පීසීආර් පරීක්ෂණ සදහා යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ. මඩකලපුව මහ නගර සභාවේ මහජන සේවාවන්ද තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 492ක් appeared first on ITN News.
Post a Comment