ඉක්වදෝරයේ සිර කඳවුරු කිහිපයක ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 62 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.
ඉක්වදෝරයේ ප්‍රධාන සිර කඳවුරු 03 ක අපරාධ කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් මෙම ගැටුම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ගැටුමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉක්වදෝර බලධාරීන් සඳහන් කළා. පොලිස් නිලධාරීන් 800 කට වැඩි පිරිසක් තත්ත්වය පාලනය කිරීම සඳහා යොමු කෙරුණා. මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බන්ධනාගාර නියාමකවරුන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගනිමින් සිරකරුවන් කටයුතු කිරීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වුණා.
The post ඉක්වදෝරයේ සිර කඳවුරු කිහිපයක ගැටුම්වලින් 62නෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment