මෙරට පරිසර ආරක්ෂණ වැඩපිලිවෙලට සහාය ලබාදීමට ඕස්ට්‍රේලියා රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී ඕස්ට්‍රේලියා මහකොමසාරිස්වරයා මේ බව කියා සිටියේ.
පරිසර අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ සහ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.
මාදු ගඟ ආශ්රිත කඩොලාන පද්ධතිය ආරක්ෂා කිරීම සදහා ඕස්ට්‍රේලියා රජයේ සහාය ලබාගැනීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
The post මෙරට පරිසර ආරක්ෂණ වැඩපිලිවෙලට ඕස්ට්‍රේලියා රජයේ සහාය appeared first on ITN News.
Post a Comment