ලැව් ගිනි හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගර වැසියන්ට ඉන් ඉවත්වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පර්ත් නගරය වසා දැමුණා. නගරය තුළ සිර වී සිටින සියලු ජනතාවට හැකි ඉක්මණින් ඉන් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ. නිවාස 30 ක් පමණ මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා. හෙක්ටයාර් හත්දහසක පමණ ප්‍රදේශයක ගින්න ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං හේතුවෙන් ලැව් ගිනි පාලනය අපහසු වී ඇති බව ගිනි නිවන අංශ පෙන්වා දෙනවා. කොරෝනා වයිරස ව්‍යාප්තිය හා ලැව් ගිනි හේතුවෙන් පර්ත් නගරවාසීන් හදිසි අවස්ථා දෙකකට මුහුණ දී ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.
The post ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගර වැසියන්ට ඉවත්වන්නැයි දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment