ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රජිත අසංක හෙවත් බඩෝවිට ලොකූ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් අද නිකුත් කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහි පැමිණිල්ලේ 19 වන සැකකරු ලෙස නම්කර සිටින්නේ බඩෝවිට ලොකූ නමැත්තායි. දැනට ඔහු විදේශගතව සිටින අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම් කර ඇති බවට කරුණු හෙළි වී ඇති බවයි.
The post බඩෝවිට ලොකූ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විවෘත වරෙන්තුවක් appeared first on ITN News.
Post a Comment