ලොව පුරා රටවල් 219 කින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසකෝටි හතළිස් ලක්ෂයකට ආසන්න වනවා.
වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව විසිදෙලක්ෂ හතළිස් හත්දහස් හත්සිය පහළොවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාව තවමත් පෙරමුණේ පසුවනවා. එරටින් ආසාදිතයින් දෙකෝටි හැටනව ලක්ෂ එකොළොස්දහස් තුන්සිය හැත්තෑ පස්දෙනෙකු හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහස ඉක්මවා තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතයින් එක්කෝටි අට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් හතර දහස් පන්සිය විසිදෙකක්. මීට අමතරව බ්‍රසීලය, රුසියාව, බ්‍රිතාන්‍ය,ජර්මනිය හා මෙක්සිකෝව වයිරසයෙන් වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙසයි සැළකෙන්නේ.
The post ලොව පුරා වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ යයි appeared first on ITN News.
Post a Comment