කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය මාස පහක පමණ කාලයක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. කෙසේ වුවද ප්‍රතිදේහ සහිත ආසාදිතයින්ගෙන් වයිරසය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටයි එම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය වී ඇත්තේ. පසුගිය වසරේ මුල් මාස කිහිපයේදී වයිරසය ආසාදනය වූවන් හට මේ වන විට නැවත වරක් වයිරසය ආසාදනය වීමේ වැඩි ප්රවනතාවක් ඇති බව එම පර්යේෂණ කණ්ඩායම සදහන් කරනවා. වයිරසයට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සහිතවූවන්ගෙන්ද වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුවද එම පර්යේෂණයෙන් ප්‍රතිදේහ හෝ ප්‍රතිශක්ති පද්ධතිය වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් හා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් හෙළිව නැහැ.
The post එක් වරක් Covid ආසාදනය වූවන්ට නැවත වරක් ආසාදනය වීමේ වැඩි ප්රවනතාවක් appeared first on ITN News.
Post a Comment