රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ සංස්ථා මණ්ඩලවල දිගුකාලයක් තිස්සේ නොවිසඳුනු වැටුප් සහ උසස්වීම් විෂමතා ඉක්මණින් විසදන්න රජය කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අවධාරණය කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව අමතමින්.
ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී එය පැවැත්වුණා. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා වෘත්තිය සමිති සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදීමට හැම විටම සූදානම් බව අවධාරණය කළා.
සෑම සංස්ථාවකටම කම්කරු අධ්‍යක්ෂවරයෙකු පත්කරන ලෙස ප්රගතිශීලී වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනාධිපතිතුමාට මෙහිදී යෝජනා කළා. දින 180 සම්පූර්ණ කළද ස්ථිර පත්වීම් ලැබී නැති පළාත් පාලන ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.
The post දිගුකලක් නොවිසඳුණු කම්කරු ගැටළු විසඳන්න ජනපති මැදිහත් වෙයි appeared first on ITN News.
Post a Comment