කළු ජාතික කුඩා ගැහැණු දරුවෙකුට නිව්යෝර්ක් පොලිස් නිලධාරීන් වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට අද නිකුත් කෙරුණා. ඒ සමගම පොලීසියට විරෝධය පළ කරමින් කළු ජාතිකයන් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ රොචෙස්ටර් ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි ගැහැණු දරුවෙකුටයි මෙලෙස වධහිංසා පමුණුවා ඇත්තේ. යම්කිසි ද්‍රාවණයක් ඇයගේ දෑස් වෙත ඉසින ආකාරය හා මාංචු දමා රැගෙන යන අයුරු එම වීඩියෝ පටයේ සටහන්ව තිබෙනවා. පවුල් ආරවුලක් පිළිබද ලැබුණු පැමිණිල්ලක් මත තමන් ඇයව පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සදහන් කරන්නේ. රාජකාරි කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන්ගේ ශරීරයේ සවිකර තිබූ කැමරාවල මේ සියලු දර්ශන සටහන්ව තිබෙනවා. සිය දිවි හානිකර ගැනීමට හා තම මව ඝාතනය කිරීමට අවශ්‍ය බවයි ඇය පොලීසියට පවසා ඇත්තේ. එම ගැහැණු දරුවා රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගත්තා.
The post කළු ජාතික ගැහැණු දරුවෙකුට නිව්යෝර්ක් පොලිස් නිලධාරීන් වධහිංසා පමුණුවන වීඩියෝ පටයක් මාධ්‍යයට appeared first on ITN News.
Post a Comment