Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සම්බාධක පැනවීම ගැන ජෝ බයිඩ්න් අනතුරු අඟවයි  

Add comments

හමුදා කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය හමුදාව සතු වීමත් සමග සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අගවනවා.

අවුන් සාන් සූ චී ඇතුලු දේශපාලන නායකයන් රැසක් මැතිවරණ දූෂණ චෝදනා යටතේ ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ සමගම ලොව බලවත් රටවල් රැසකින් මියන්මාරය වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවයි විදෙස් විශ්ලේෂකයන් සදහන් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ පාලකයන් ඉන් ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ. හැකි ඉක්මණින් ඔවුන් නිදහස් කර ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කරන ලෙස ඔහු මියන්මාර හමුදාපතිවරයාට දැනුම් දී තිබෙනවා. එසේ නොමැති නම් ඉදිරියේදී අනිටු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි ජෝ බයිඩ්න් අනතුරු අගවන්නේ.

 

 

 

The post සම්බාධක පැනවීම ගැන ජෝ බයිඩ්න් අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG