ලෝක වෙළෙදපොළේ රිදී මිල ඉහළ ගොස් තිබෙනවා.
රිදී සදහා මෙවැනි ඉහළ අගයක් වාර්තා වුණේ මාස 5 කට පමණ පසුවයි. පතල් කැණීමේ නිරත සමාගම් කිහිපයක සිදු වූ වෙනස්කම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. රිදී මිල සියයට 7 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රිදී අවුන්සයක් ඇමෙරිකා ඩොලර් 28 යි ශත 99 කට අලෙවි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් රිදි වෙළෙදපොළ විශාල වශයෙන් කෘත්‍රිම ලෙස පාලනය කිරීමකට ලක්කර ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් චෝදනා කරනවා.
The post ලෝක වෙළෙඳපොළේ රිදී මිල ඉහළට appeared first on ITN News.
Post a Comment