නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙක්සිකෝවේ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතරට කාන්තාවන් හා තරුණයින්ද ඇතුළත්. ට්‍රක් රථයක නැගී ගමන් ගත් තුවක්කුකරු ජනතාව වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් හා කුඩා දරුවෙක්ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය සදහන් කරනවා. ලොව වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන රටක් ලෙස මෙක්සිකෝව හැදින්විය හැකි අතර පාතාල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම්වලින් දහස් ගණනක පිරිසක් වසරක් ඇතුළතදී මියයන බවයි වාර්තා වන්නේ.
The post තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් මෙක්සිකෝවේ 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment