රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර හා එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්‍ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සදහා ලබන 17 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
අදාළ ප්‍රතිශෝධන පෙත්සම් නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන මෙම පෙත්සම ගොනුකර ඇති බැවින් එය සලකා බැලීම සදහා ඉතා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි.
The post ශානිගේ ඇප ඉල්ලීම් සලකා බැලීම ලබන 17 වනදා appeared first on ITN News.
Post a Comment