ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත ලබා ගත් බව එරට වාර්තා සදහන් කරනවා.
ඉන්දියාවේ බාරත් බයෝටෙක් ආයතනය නිෂ්පාදනය කළ එන්නතයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස ලබාගෙන ඇත්තේ. පසුගිය ජනවාරි මස ප්‍රමුඛතාව අනුව එරට එන්නත්කරණය ආරම්භ වු අතර එහි දෙවන අදියර අද ආරම්භ වුණා. ඒ යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ බෝ නොවන රෝග සහිත අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් මෙම අදියරේදී එන්නත ලබාගැනීමට සුදුසුකම් ලබනවා. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් එක්කෝටි එකොළොස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් අට දහසකට ආසන්නයි.
The post මෝදි කොරෝනා එන්නත ලබා ගනී appeared first on ITN News.
Post a Comment