තායිලන්තයේ රජුට හා රජයට විරුද්ධව ආරම්භ වූ උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
තායිලන්තයේ බැන්කොක් අගනුවරදී ඊයේ දිනයේදී ද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. එරට රජු මහා වජිරලොන්ග්කොන් විවෙචනය වළක්වාලමින් පැනවු නව නීති ඉවත් කරගන්නා ලෙස හා අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාට සිය ධුරයෙක් ඉල්ලා අස්වන ලෙස බල කරමිනුයි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ. ඊයේ පැවති උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ද හටගෙන තිබෙනවා. එහිදී විරෝධතාකරුවන් පොලීසියට බෝතල් ප්‍රහාර එල්ල කරන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර භාවිතා කළ බවයි වාර්තා වන්නේ.
The post තායිලන්තයේ රජුට හා රජයට විරුද්ධව ආරම්භ වූ උද්ඝෝෂණ තවදුරටත් appeared first on ITN News.
Post a Comment