ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැලිෆෝනියා ප්රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර ඔරේන්ජ් නැමැති සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි තැබීම හේතුවෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර කුඩා දරුවකු ද ඒ අතර වනවා. වෙඩි තැබීමට සම්බන්ධ වූ පුද්ගලයා ද මිය ගිය පිරිස අතර සිටින බවයි සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ. මීට සති දෙකකට පෙරද ඇමෙරිකාවේ ස්ථාන දෙකකදී මෙවැනි වෙඩි තැබීම් සිදු වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.
The post කැලිෆෝනියා ප්රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment