යුරෝපයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා.
යුරෝපයේ රටවල් පනස් දෙකකින් ආසාදිතයින් මිලියන 50 ඉක්මවා වාර්තා වී තිබෙනවා. 2019 වසරේ චීනයෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුව මේ දක්වා මෙම ආසාදිතයින් සංඛ්‍යාව හමුව ඇති බව සඳහන්. සාමාන්‍ය යෙන් දිනකට යුරෝපයෙන් රෝගීන් එක්ලක්ෂ අනූහත්දහස් හාරසියයකට වැඩි පිරිසක් හමුවනවා. පසුගිය සති දෙකක කාලය තුළ යුරෝපයෙන් අවම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයක්. ඒ හේතුවෙන් රටවල් රැසක් කොරෝනා නීති ලිහිල් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
The post යුරෝපයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment