මියන්මාර හමුදා පාලනය එරට අන්තවාදින්ට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සටන් විරාමය මියන්මාරය තුළ ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි එරට හමුදා පාලනය දැනුම් දෙන්නේ. සටන් විරාමය මසක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් මෙම සටන් විරාමය මේ වන විට හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නිරත වන සාමාන්‍ය ජනතාට අදාළ නොවන බව හමුදා පාලනය දැනුම් දී තිබෙනවා. පසුගිය පෙබරවාරි පළමුවෙනිදා හමුදා පාලනය මියන්මාරයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව ඇති වූ විරෝධතා මේ වන විට සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
The post මියන්මාර හමුදා පාලනය එරට අන්තවාදින්ට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.
Post a Comment