ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් නුවර නිරෝධායන නීති ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා.
මිලියන 2 ක පමණ ජනගහණයක් වෙසෙන ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග ප්‍රාන්තය වසා දැමීමට කටයුතු කෙරුණා. දින ගණනක් ගත වීමෙන් අනතුරුව කිසිදු නව ආසාධිතයෙකු වාර්තා නොවීම හේතුවෙන් ප්‍රාන්තය නැවත විවෘත කිරීමට කටයුතු කළ බවයි ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ. පාස්කු සමයේදී දේශීය සංචාරකයින් විශාල සංඛ්‍යාවක් ක්ව්න්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණෙනවා. ඒ හේතුවෙන් මුව ආවරණ පැළදීම ඇතුලු අනෙකුත් සියලුම සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බවයි ක්ව්න්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පවසන්නේ.
The post ක්වින්ස්ලන්ඩ් නුවර නිරෝධායන නීති ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment