Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ වරාය නගර කෙටුම්පත 03 වර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මතයි  

Add comments

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

03 වර කියවීම වැඩි ඡන්ද 91 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 149 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 58 ක් පමණයි.

දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 89 කින්  සම්මත වූ අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් හා විපක්ෂව ලැබුනේ ඡන්ද 59 ක් හිමිවුණා.

සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පණත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළා.

පනත් කෙටුම්පත 03 වන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී විපක්ෂයෙන් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කෙරුණද එම කිසිවකට ආණ්ඩුවෙන් අනුමැතිය හිමිවූයේ නැහැ. ඒ අනුව විපක්ෂයේ එක් එක් සංශෝධනය සඳහා පැවති ඡන්ද විමසීම්ද පරාජයට පත්වුණා.

The post කොළඹ වරාය නගර කෙටුම්පත 03 වර කියවීම වැඩි ඡන්ද 91කින් සම්මතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG