තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 කට අධික ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා විකිණූ බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන 17 වනදා කැදවන ලෙසට නියෝග කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුනේ. පවත්නා කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරුවන්ට එරෙහි තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සදහන් කර ඇත්තේ.
The post රිෆ්කාන් බදියුදීන් ඇතුලු තුන්දෙනෙකුට එරෙහි පැමිණිල්ල ලබන 17 වනදා කැදවන ලෙස නියෝග appeared first on ITN News.
Post a Comment