වස විසෙන් තොර භෝග වගාව පිළිබද රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට සමගාමීව වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.
සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් රසායනික පොහොර හා පලිබෝධනාශකවලින් තොර රටක් බවට පත්කිරීමේ සැළසුම දැන් ක්‍රියාත්මකයි. මේ අනුව වස විසෙන් තොර ආහාර සදහාද නව ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. මේ අනුව කෘතිම රසකාරක කිසිවක් අඩංගු නැති නිර්මාංශ දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා.
බුදුදහම වැළද ගත් ඇමරිකා ජාතිකයෙකු වන බොබ් ඉසාක්සන් මහතා මේ සදහා අනුග්‍රහය ලබා දෙනවා. වැඩිහිටි කාන්තාවන් විසි දෙනෙකු මෙහිදී පැරණි ආහාර වර්ග 100 ක් පමණ හදුන්වා දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගි වුණා.
The post වස විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment