පොලිස් විශේෂ කාර්ය බලකාය උඩවලව ජාතික වනෝද්‍යානයේ පැගිරිගල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් කිහිපයකදී ගංජා හේන් හතරක් සොයා ගැනීමට හැකිවුණා.
පර්චස් 18, 25 සහ 20 යන භූමි ප්රමාණවල මේවා වගාකර තිබූ බවයි වාර්තා වන්නේ. මෙම ගංජා පැළ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කෙරුණා. විශේෂ කාර්ය බලකායේ උඩවලව කදවුරේ නිලධාරිනුයි වැටලීම් සිදුකළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර බොරැල්ල, මහනුවර, සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් මාලිගාකන්ද හා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිශ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක් සොයා ගැණූනේ ගස් බෙනයක් තුළ සගවා තිබියදීයි. එම ගිනි අවිය වැඩිදුර විමර්ශන සදහා මහවෙල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
The post ගංජා හේන් 4ක් වටලයි appeared first on ITN News.
Post a Comment