Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද්ධ හමුදාවේ 4,741 දෙනෙකුට උසස්වීම්  

Add comments

අදට යෙදි ඇති විජයග්‍රහණයේ 12 වන සැමරුමට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනාධිනායකයා ලෙස යුද්ධ හමුදා නිළධාරින් 452 කට හා සෙසු නිළයන් 4289 කට උසස්විම් ලබාදි තිබෙනවා.

ඒ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ පරිදියි. මේ අනුව බ්‍රිගේඩියර්වරුන් 12 ක් මේජර් ජෙනරාල් ධුරයටද, කර්නල්වරුන් 37 ක් බ්‍රිගේඩියර් ධුරයටද, ලුතිනන් කර්නල්වරුන් 39 ක් කර්නල් ධුරයටද උසස් කර තිබෙනවා.

මේජර්වරුන් 40 ක් ලුතිනන් කර්නල් ධුරයටද, කපිතාන්වරුන් 62 ක් මේජර් ධුරයටද, ලුතිතන්වරුන් 61 ක් කපිතාන්ධුරයද උසස් කර ඇති බවයි යුද්ධ හමුදාව නිවේදනය කළා. දෙවැනි ලුතිතන්වරුන් 201 ක් ලුතිතන් ධුරයට උසස් කර තිබෙනවා.

ඊට අමතරව සෙසු නිළ්‍යන් 4289 ක්ද මිලග තනතුරු වෙනුවෙන් 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් පිරිනමා ඇති බවයි යුද්ධ හමුදාව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

The post යුද්ධ හමුදාවේ 4,741 දෙනෙකුට උසස්වීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG