Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලියන්දල පොලිස් බල ප්‍රදේශයත් ග්‍රාමසේවා වසම් 7 කුත් ලොක් ඩවුන්  

Add comments

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදෙකලා කිරීමට කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රිකක්‍යේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයට අමතරව පානදුර දකුණ ප්‍රදේශයේ  වලාන උතුර, වෑකඩ උතුර ,කිරිවේරිය, පාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කෙරුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඕස්හිල් අන්පුවාලිපුරම් යන ග්‍රාමනිලධාරී කොට්ටාස හා නුවරඑලිය දිස්ත්‍රික්කයේ නිල්දන්ඩාහින්න ග්‍රාමනිලධාරී වසම හුදෙකලා කර තිබෙනවා.

දැනටමත් කුලියාපිටිය, පන්නල, දඹුල්ල, ගලේවෙල, මාතලේ නාඋල්ල, යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කර ඇති බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගම, නිරාවිය, උඩුබදලව යන ග්‍රාමනිලධාරී කොට්ටාස හුදෙකලා කෙරුණා. කළුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, ගාල්ල, පොලොන්නරුව, මාතලේ, අම්පාර, මොණරාගල, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද ග්‍රාමනිලධාරී කොට්ඨාස හුදෙකලා කර ඇති බවයි කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව  මේ වන විට දිවයින පුරා හුදෙකලා කර ඇති මුළු ග්‍රාමනිලධාරී කොට්ටාස ගණන 51 ක්.

 

The post පිලියන්දල පොලිස් බල ප්‍රදේශයත් ග්‍රාමසේවා වසම් 7 කුත් ලොක් ඩවුන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG