Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා ඉන්දියාවටත් මදිවෙයි  

Add comments

ඉන්දියාවේ කොරෝනා පාලනය කිරීමේ වැඩපිළිවෙළ දැඩි අර්බුදකාරී තත්ත්වයක පවතින බව සෞඛ්‍ය විශේෂඥයින් මේ වෙනකොට පෙන්වා දී තිබෙනවා .

වර්තමානයේ එන්නත් ලබාදෙන වේගය අනුව එන්නත් ලබාදීම සිදුකළහොත් ඉන්දියාවේ සමස්ත ජනගහනයට එන්නත් ලබාදී අවසන් කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වනවිට බරපතල වසංගත තත්ත්වයක් ඉන්දියාව තුළ ඇතිවී ඇති අතර දිනකට රෝගීන් හාරලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් හමුවෙමින් තිබෙනවා.

සියලුම වැඩිහිටියන්ට එන්නත් ලබාගැනීමට හැකි බවට ඉන්දීය රජය ප්‍රකාශකර තිබුණද ප්‍රමාණවත් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් නොතිබීම බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරිපෙළ සේවකයින්ට ප්‍රමුඛතාව දෙමින් එන්නත් ලබාදීමටයි ඉන්දීය රජය කටයුතුකර ඇත්තේ. දැනට මිලියන එකසිය පනහක පමණ මාත්‍රා සංඛ්‍යාවක් ජනතාවට ලබාදීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළා. ඒ අනුව සමස්ත ජන ගහනයෙන් 11.5% ක් පමණ ආවරණය කිරීමට හැකිවී තිබෙනවා. ලොව විශාලතම කොරෝනා එන්නත් නිෂ්පාදකයා වශයෙන් ඉන්දියාව කටයුතු කළද නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට නොහැකිවීම නිසා එන්නත් අපනයනය ද තාවකාලිකව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගත්තා.

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා ඉන්දියාවටත් මදිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG