Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු එන්නත් ගැන නිවේදනයක්  

Add comments

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට අනුමත කර ඇති එන්නත් ඉන්දීයාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය සමඟ සටන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඉන්දීය වෛරස් ප්‍රභේදය ඇතුළුව අනෙකුත් සියළු කොවිඩ් ප්‍රභේද ද මෙම එන්නත් තුළින් මැඬ පැවැත්විය හැකියාව පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂක Dr. Hans Henri P. Kluge පවසන්නේ.

කෝවිඩ් වයිරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට ඒ සදහා ආරක්ෂාව ලබාගැනීමට ලොව රටවල් රැසක් දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කෝවිඩ් නයින්ටීන් වයිරසයට එරෙහි එන්නත් කිහිපයක් නිපදවීමට ලොව රටවල් රැසක් සමත් වුණා.

නමුත් වයිරසයේ විකෘති ප්‍රභේද වරින් වර මතුවීම හේතුවෙන් නිෂ්පාදිත එන්නත් මගින් ආරක්ෂාවක් ලබාගැනීමට හැකිවේද යන්න පිළිබද වර්තමානයේ කතාබහට ලක්වුණා.

මෙම විකෘති ප්‍රභේදයන් පිළිබද නිරීක්ෂණය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂකයින්, සෞඛ්‍ය නිලධාරීන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවනු ලැබුවා. එම කණ්ඩායම්වල නිගමනයන් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති එන්නත් වලින් සියලු කොවිඩ් ප්‍රභේදයන් මර්දනය කළ හැකි බව අනාවරණය වී තිබෙනවා.

පවතින වත්මන් වෛරස් වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සුදුසු මට්ටමක නොමැති බවත් මාධ්‍ය හමුව ඔහු ප්‍රකාශ කර සිටියා.

The post ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු එන්නත් ගැන නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG