Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය කැඩුවොත් ක්‍ෂණිකවම කියන්න පොලීසියෙන් අංකයක්  

Add comments

නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන නීති කඩකල පුද්ගලයින් දස දහස් හාරසිය දහ තුන් දෙනෙකු පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව නිවෙසින් බැහැරට ගමන් කිරීම සිදු නොකළ පුද්ගලයින් 99 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ජාතික හැදුනුම්පතේ අංක ක්‍රමයට ගමන් නොකළ ජනතාවට කළුතර දකුණ පොලීසිය ජනතාවට දැඩි ලෙස අවවාද කරන ආකාරය මෙලෙස දැකගැනීමට ලැබුණා.

කොරෝනා පැතිර යාමේ අවදානම අවම කිරීමේ අරමුණින් මඩකලපුව නගරයේ මත්පැන් වෙලෙද සැල් පස්වරු 6 ට වසා දැමීමට නියෝග කර තිබියදී එම නියෝග උල්ලංඝනය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඒ සදහා හදිසි වැටලීම් කණ්ඩායම් කිහිපයක් යොමු කළ බවයි පොලීසිය සදහන් කළේ.

කොවිඩ් නීති උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබද දැනුම් දීම සදහා දුරකතන අංකයක් හදුන්වා දීම අද සිදුවුණා. කළුතර දකුණ පොලිස් ස්ථානයේදී ජ්‍ය්‍ෂේඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණා. 072 3 111 666 දුරකතන අංකයට මෙම තොරතුරු දැනුම් දිය හැකියි. විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ද මේ සදහා යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

 

The post නිරෝධායනය කැඩුවොත් ක්‍ෂණිකවම කියන්න පොලීසියෙන් අංකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG