Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගනු ලැබූ තීරණයට ගොවි ජනතාවගේ ප‍්‍රසාදය  

Add comments

රසායනික පොහොර මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ජනාධිපතිතුමා ගනු ලැබූ තීරණයට ගොවි ජනතාවගේ විරුද්ධත්වයක් නොමැති බව බදුල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ ලේකම් උපාලි රාජපක්ෂ මහතා පවසනවා. .

රසායනික පොහොර, කෘමි නාශක හෝ වල්නාශක භාවිතයෙන් තොරව වගා කටයුතු සිදු කිරීම සදහා ඒවා මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා පියවර ගනු ලැබුවා. කෙසේ වුවත් දැනට රටතුළ පවනිත රසායනික පොහොර මෙම කන්නය සදහා සීමිත ලෙස භාවිතා කිරීමට ද අවසර ලබා දී තිබෙනවා. නමුත් වගා කටයුතු සදහා අවශ්‍ය පොහොර වැඩි මිලකට විකිණීමේ අරමුණෙන් ව්‍යාපාරිකයින් සගවා ඇතිබවයි ගොවීන් චෝදනා කරන්නේ. ව්‍යාපාරිකයින් සගවා සිටින පොහොර තොග ගොවීන්ට මෙම කන්නය සදහා ලබා දීමට විධිමත් පියවරක් සකස් කර ගැනීමටද ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් නැවැත්වීමට ජනාධිපතිතුමා ගත් තීරණය ධෛර්යමත් හා නිර්භීත දේශපාලන තීන්දුවක් ලෙසයි. විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය තුළ ජාතිකයක් ලෙස නැවත නැගී සිටීම සදහා එවැනි බරපතල වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බව ද ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා.

 

The post පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගනු ලැබූ තීරණයට ගොවි ජනතාවගේ ප‍්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG