Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  

Add comments

කෝවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමග රටේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙනේ වැඩවසන භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පැවැත්වුණා.

තිරසර හරිත ප්‍රජා මූල සංවිධානයේ නිර්මාතෘ වෛද්‍ය චන්දික විරන්ජිත් තාඹුගල මහතාගේ අදහසකට අනුව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණා. අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙනේ වැඩවසන භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක පමණ වටිනාකමින් යුත් ඖෂධ හා ආහාර ද්‍රව්‍ය තොග පරිත්‍යාග කිරීම මෙහිදී සිදුවුණා. පිරිවෙනේ පාලන විහාරාධිපති පූජ්‍ය අටබාගේ විමලඥාන ස්වාමීන්වහන්සේ හා තිරසර හරිත ප්‍රජා මූල සංවිධානයේ සභාපති සරත් පේමානන්ද මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ භික්‍ෂූන්වහන්සේ වෙනුවෙන් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG