Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට  

Add comments

ඊශ්‍රායල හා පලස්තීනය අතර ගැටුම දෙවන සතියේ දීත් උග්‍ර අතට පත්ව තිබෙනවා.

මේ වනවිට ගාසා තීරයේ 212 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති තර ඉන් දරුවන් 61 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අතර කුඩා දරුවන්  දෙදෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ. ගාසා තීරයට ඊයේ දිනයේත් දරුණු ප්‍රහාර එල්ලවී ඇති අතර ඊශ්‍රායලය ගාසා තීරයේ උමං මාර්ග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම රොකට් ප්‍රහාර හේතුවෙන් පලස්තීන රජයේ කාර්යාල සහ විදුලි සම්ප්‍රේෂණ කටයුතු මෙන්ම යටිතල පහසුකම්වලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර ඊශ්‍රායල සහ පලස්තීනය  අතර පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සටන් විරාමයක් සදහා සහාය පළකර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ඇමෙරිකාව ඊජිප්තුව සහ අනෙකුත් රටවල් සමග එක්වී මෙම සතුරුකම් නතර කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.

 

 

 

The post ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG