Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධතිය ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන  

Add comments

රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධතිය ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපනය කෙරේ. මුල් අදියර යටතේ නුවර එළිය, මහනුවර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික් ආශ්‍රිතිව සංචාරක සේවා මධ්‍යස්ථාන 28ක් ඉදිකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විත මෙම සංචාරක සේවා මධ්‍යස්ථාන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කෙරෙන බවත් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවත් ඇමතිවරයා සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය පිළිබදව විශේෂ සාකච්ඡාවක් පසුගියදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. සංචාරක අමාත්‍යංශය, නාගරික සංවර්ධන අමාත්‍යංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ නිළධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නාගරික සංවර්ධන අමාත්‍යංශයයේ නිළධාරීන් මෙහිදී කියා සිටියේ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 11ක්, නුවර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 03ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 12ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 02 ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම මධ්‍යස්ථාන කිතුල්ගල සිට නුවර එළිය (ගිනිගත් හේන හරහා) ගම්පොල සිට නුවර එළිය ( පුස්සැල්ලාව හරහා) නුවර එළිය සිට බණ්ඩාරවෙල (වැලිමඩ හරහා) සහ නුවර එළිය සිට බණ්ඩාරවෙල හා ඇල්ල (දියතාලව හරහා) නගර ආශ්‍රිතව ඉදිකෙරෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සේවා මධ්‍යස්ථාන ඉදි කිරීමේදී සනීපරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන වැනි සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම ප්‍රදේශ වලට අමතරව සංචාරක කලාප වලට ගමන් කරන මාර්ග ආශ්‍රිත සුදුසු නගරවල මෙවැනි සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවයද අවධාරණය කලේය. මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති සංචාරක කලාප සංඛ්‍යාව 15කි. කුච්චවේලී, නිලාවේලි, ත්‍රිකුණාමලය, කල්කුඩා, ආරුගම්බේ, යාල, උණවටුන, මාදුගඟ, දෙද්දූව, බෙන්තොට, බේරුවල, ගල්කිස්ස, මීගමුව, කල්පිටිය හා පින්නවල එම කලාපයි. මී අමතරව ඇල්ල, නුවරඑළිය, සීගිරිය, දෙනියාය හා ඩෙල්ෆ් දූපත සංචාරක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබේ.

සංචාරක කලාප ආශ්‍රිත ඉදිකිරීම් වලදී සංචාරක කලාපයක් ලෙස වෙනම අනන්‍යතාවයක් ඇතිවන පරිදි එහි යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදවද මෙහිදී අවධානය යොමු කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහත සදහන් කලේ, මේ පිළිබදව විහේෂ අවධානයක් යොමු කල යුතු බවයි. කෝවිඩ් තත්ත්වය තුල මේ වන විට සංචාරක ව්‍යාපාරය මුමනින්ම බිද වැටී තිබුනද ලොව පුරා කෝවිඩ් තත්ත්වය යලි හිස ඔසවනු ඇතැයි විශ්වාසය පල කල ඇමතිවරයා කොවිඩ් වසංගතය මෙරටට පැමිණිමට පෙර තිබූ තත්ත්වටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපේක්ෂා බව කීවේය. මේ නිසා සංචරක කලාප හා සංචාරක ආක්ර්ශණීය ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය සදහා මෙම කාලයේදී රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

The post රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධතිය ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG