Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මැද සිවාජිලිංගම් මුල්ලිවයික්කාල්හි පහන් දල්වා මිය ගිය පිරිස් සිහිපත් කරයි (Photo)  

Add comments

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් සිදු නොකරන ලෙසට දැනුම් දී තිබියදීත් එය නොසලකා හරිමින් දෙමළ ජාතික සංවිධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙනවා.

මුල්ලිවයික්කාල් හි පහන් දල්වා මිය ගිය පිරිස් සිහිපත් කිරීමට ඊයේ පස්වරුවේ ඔහු කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. යුද සැමරුම් ස්මාරකයේ කඩා දැමුණු කැබලි යළි තාවකාලිකව සකස් කිරීමට ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පසුගියදා කටයුතු කර තිබුණා.

මේ අතර මුල්ලිවයික්කාල් සැමරුම් සිදු කිරිමට සූදානමින් සිටි පුද්ගලයන් තිස් දෙදෙනෙකුට එරෙහිව අධිකරණ තහනම් නියෝග ලබා ගැනීමට මුලතිව් පොලිස්ථානය පියවර ගත්තා. එසේ තහනම් නියෝග කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශ සූදානමින් සිටිනවා.

 

 

 

The post කොරෝනා මැද සිවාජිලිංගම් මුල්ලිවයික්කාල්හි පහන් දල්වා මිය ගිය පිරිස් සිහිපත් කරයි (Photo) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG