Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල් කුරේ මහතා පත් කෙරේ  

Add comments

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල් කුරේ මහතා  පත් කර තිබෙනවා.

ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම පත්වීම සිදුකර තිබෙනවා. නව සභාපතිවරයාගේ පත්වීම් ලිපිය ජන මාධ්‍ය අමාත්‍යංශයේ දී රෙජිනෝල් කුරේ මහතා වෙත භාරදීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. වත්මන් රජය ජන මාධ්‍ය කේෂ්ත්‍ර යේ ප්‍රවර්ධනය සදහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියා සිටියේ.

නවීන තාක්ෂණයෙන් යුතු නව ප්‍රවෘත්ති මැදිරි දෙකක් ඉදිරියේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට හා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය වෙත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවටයි රෙජිනෝල් කුරේ මහතා පත් කෙරුණේ.

ඒ මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු එහි සභාපති නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, ජන මාධ්‍ය අමාත්‍ය, අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය, උතුරු පළාත් ආණ්ඩුකාර ආදී තනතුරු රැසක් හොබවා තිබෙනවා. නව සභාපතිවරයාගේ පත්වීම සිදු කෙරුණු අවස්ථාවට ජන මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී  විජේවීර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

The post රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල් කුරේ මහතා පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG