Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශානි අබේසේකර ජූනි 02වනදා තෙක් යළි රිමාන්ඩ්  

Add comments

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා ව ජුනි මස 02 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19)  එම නියෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ක මෙන්ම හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු වූ ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක හේවා දේවගේ නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා මෙසේ තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය අධිකරණයට දැන්වීය.
නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් මහර බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ ලබා ගත් බවත් සැකකරු දීර්ඝ ලෙස ප්‍රකාශ ලබා දීම හේතුවෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කිරීමට නොහැකි වු පැමිණිල්ල මෙහෙය වමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසූහ.

 

The post ශානි අබේසේකර ජූනි 02වනදා තෙක් යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG