ඉන්දියාවේ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ වන විට විදෙස් රටවලි ආධාර ලැබෙමින් පවතිනවා. තායිවානය සිය පළමු ආධාර තොගය ඉන්දියාව වෙත ලබාදීම අද සිදුකෙරුණා.
ඉන්දියාව තුළ මේ වන විට දිනකට කෝවිඩ් රෝගීන් හාර ලක්ෂයක්යට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණු තත්ත්වයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ලොව කිසියම් රටක මෙවැනි ප්‍රවණතාවක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි. රට පුරා කෝවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ ගත්ත ද ප්‍රමාණවත් මාත්‍රා නොමැති කමින් අර්බුදයක් ඇති වී තිබෙනවා. මේ වන විට නිල වාර්තා අනුව ඉන්දියාව තුළ කෝවිඩ් ආසාදිතයන් ලක්ෂ 190 කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. එහෙත් සැබැවින්ම රට තුළ සිටින කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊට වැඩි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔක්සිජන් නොමැතිකම නිසා කෝවිඩ් රෝගීන් මිය යාම ඉන්දියාවේ සුලබ තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.නව දිල්ලියේ රෝහලක ඔක්සිජන් ආපසු පිරවීමට අතිරේක කාලයක් ගතවීම නිසා ජීවිත රැසක් අහිමි වී තිබුණා. ආදාහනාගාරවල ද දැඩි තදබදයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. වර්ථමානයේ එන්නත් ලබාදෙන වේගය අනුව සම්පූර්ණ ජනගහනය ආවරණය කිරීමට වසර කිහිපයක් ගත විය හැකි බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
The post කොරෝනාවෙන් ඇද වැටී සිටින ඉන්දියාව නැගිට්ටවන්න රටවල් ගණනාවක සහාය appeared first on ITN News.
Post a Comment