Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙවීගිය දින 5ම මෙරටින් දහසේ සීමාව ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි  

Add comments

ගෙවීගිය දින 5 තුළ මෙරටින් දහසේ සීමාව ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමත් සමගින් දැඩි අවදානම් තත්ත්වයකුයි මතුව තිබෙන්නේ. ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1,716 දෙනා අතුරින් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙනවා.

අප්‍රේල් 27 වනදා මෙරටින් හදුනාගත්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,111ක්. එමෙන්ම 28 වනදා ද කොරෝනා ආසාදිතයින් 1,466 දෙනෙකු හදුනාගත් අතර 29 වනදා එසේ හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,531 දක්වා ඉහළ ගියා. පෙරේදා දිනයේ කොරෝනා ආසාදිතයින් 1,662 කු හදුනා ගැණුනේ කොරෝනා තුන්වන රැල්ලේ ව්‍යාප්තියේ අවදානම තවදුරටත් පසක් කරමින්.

දිනෙන් දින එම තත්ත්වය වර්ධනය වන බව ඊයේ දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,716 දෙනා දෙස බැලීමේ දී පැහැදිලි වෙනවා. මේ අයුරින් කොරෝනා ආසාදිත ලැයිස්තුවට එක්වන පිරිස දිනෙන් දින ඉහළ යාමත් සමග රෝහල්වල ධාරිතාව සම්බන්ධයෙන් ද ගැටලු පැනනගින තත්ත්වයකුයි උද්ගතව පවතින්නේ. ඊයේ හදුනාගත් ආසාදිතයින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 375 ක්. ගම්පහින් ආසාදිතයින් 247 දෙනෙකු හා කළුතරින් ආසාදිතයින් 158 දෙනෙකු ඊයේ හදුනා ගැණුනා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 109,861 ක්.

ඒ අතුරින් 12,696 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,478 ක්. ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 9 ක් වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ කරදන පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්, අවිස්සාවේල්ල පදිංචි හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක්, රුවන්වැල්ල පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක් ,දේවාලගම පදිංචි 66 හැවිරිදි කාන්තාවක හා මාවනැල්ල පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙක්. එමෙන්ම යක්විල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්,වලපනේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්,රත්නපුර පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් හා කුලියාපිටිය පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගිය පිරිසට ඇතුළත්. මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 687 ක්.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මඩකලපුව ආරියම්පති පොදු වෙළෙදපොල තාවකාලිකව වසා දැමුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු මිලදීගෙන පැමිණි ව්‍යාපාරිකයෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු මෙම පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂණ එස්. ජෙයශංකර් මහතා සදහන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තියත් සමග ජංගම කොවිඩ් පරීක්ෂණාගාර රථ යොදාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. ඊයේ දිනය තුළ 200 දෙනෙකුගේ අහඹු පීසීආර් පරීක්ෂණ මේ යටතේ සිදුකළ බව පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා සදහන් කළා.

මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 24 දෙනෙකුම මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුවී ඇති අතර ආනමඩුවේ නගරයේ පවත්වාගෙන ගිය පෞද්ගලික මූල්‍ය ආයතනයක් ද වසා දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ.

ඇතැම් පුද්ගලයින් ඉන්දියාවේ සිට හොර රහසේ මෙරට පලා ඒමෙන් පවත්නා සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

 

The post ගෙවීගිය දින 5ම මෙරටින් දහසේ සීමාව ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG