Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාම නිලධාරිනියකට පහර දුන් උකුවෙල මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි  

Add comments

උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී එරන්දිකා කුමාරිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය 16 වන දා නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ට සහන මළු බෙදීමේදී ඇල්කඩුව – තාලිංගාමඩ වසමේ ග්‍රාම නිලධාරීවරියට පහර දුන් සිද්ධියට අදාලවයි.

සැකකාර මන්ත්‍රීවරිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිලධාරීන් ඊයේ දින සේවා කටයුතුවලින් ද ඉවත් ව සිටියා.

පොලීසිය මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

අදාළ සිද්දිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට තීරණයකට පැමිණෙන තෙක් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ බවත් එතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු කටයුත්තකට සහභාගි වීමට ඇයට හිමිකමක් නොමැති බවත් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළා.

The post ග්‍රාම නිලධාරිනියකට පහර දුන් උකුවෙල මන්ත්‍රීවරියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG